Terms and Conditions

නියමයන් සහ කොන්දේසි

අවසන් යාවත්කාලීන කිරීම 2018 මැයි 15 වනදා

භාවිත කිරීමේ දී වන පොදු නියමයන්

කෑෂ්වැගන් වෙත සාදරයෙන් පිළිගනු ලබන්නෙමු, මෙම සමාගම ශ්‍රී ලංකාවේ නිසි පරිදි සංස්ථාපනය කර ඇති අන්තර්ජාලය හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල් සපයන්නන් කෙරෙහි සේවා සපයන්නෙකු වේ.

මෙම නියමයන් සහ කොන්දේසි යනු (www.cashwagon.lk) වෙබ් අඩවිය භාවිත කරන්නන් හා කෑෂ්වැගන් හි සම්බන්ධතාවය පාලනය කරනු ලබන ගිවිසුම වන අතර ඔබ විසින් අපගේ වෙබ් අඩවිය සහ ඒ හා අනුබද්ධිත සේවාවන් සමඟ සම්බන්ධතාවයක් ඇති ගනුදෙනුකරු වශයෙන් ඔබගේත්: කෑෂ්වැගන් වන අපගේත් අයිතිවාසිකම් සහ වගකීම් දක්වනු ලබයි. මෙම ගිවිසුමෙහි දක්වනු ලබන සියලු නියමයන් හා කොන්දේසි නෛතික බැඳීම්සහගත වන බැවින් ඔබ විසින් එමගින් බැඳීමට ලක්වීමට එකඟ වීමට පෙර ඒවා හොඳින් කියවීමට කාරුණික වන්න.

මෙම නියමයන් මගින් කෑෂ්වැගන් සහ ඔබ අතර නෛතික ගිවිසුමක් ස්ථාපනය කරනු ලබයි. ඔබ විසින් අපගේ වෙබ් අඩවිය භාවිත කිරීම: ඔබ විසින් මෙහි සවිස්තරාත්මකව දක්වනු ලබන සියලු වගකීම් සහ බැඳීම් ඇතුලත් වන නමුදු ඊට සීමා නොවන ආකාරයෙන් එකී සියලු නියමයන් ඔබ විසින් කොන්දේසි විරහිතව පිළිගන්නා බවට සලකනු ලබයි.   

ඔබ විසින් පහත පරිදි ක්‍රියා කිරීමට එකඟ වේ:

 

පොදු කරුණු

  1. අපගේ වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීම හෝ භාවිත කිරීම මගින් ඔබ විසින් මෙම ගිවිසුමෙහි දක්වා ඇති සහ ඊට සම්බන්ධ (පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය ද ඇතුලත්ව) සියලු නියමයන් සහ කොන්දේසි කියවා ඇති බවට සහ ඔබ විසින් කෑෂ්වැගන් හි ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ සේවාවන් හෝ අන් අයුරකින් වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීම හෝ භාවිත කිරීම මගින් (“පරිශීලනය කරන්නා” වැනි යම් ධාරිතාවයකින්) ඔබ විසින් මෙම ගිවිසුම හා බැඳී සිටින බවට අඟවනු ලබයි.
  2. මෙම ගිවිසුම මගින් ඔබ සහ කෑෂ්වැගන් විසින් බැඳී සිටින මීට පූර්වයෙන් ඇති සියලු ගිවිසුම් අවලංගු කරනු ලබන අතර (එසේවුවද ඔබ විසින් බලාත්මක වන ණය ගිවිසුමකට එළඹ තිබේ නම්: එවැනි යම් වෙනම ගිවිසුමක ඇති නියමයන් මෙම ගිවිසුම යටතේ දක්වනු ලබන කිසිදු විධිවිධානයක් සමඟ පරස්පර විරෝධීතාවයක් (ගැටුමක්) ඇති වන්නේ නම් එම ගිවිසුම එම නියමය මගින් පාලනය කරනු ලබයි). මෙම ගිවිසුම කෑෂ්වැගන් විසින් කලින් කලට ස්වකීය අභිමතය මත වෙනස් කරනු ලැබිය හැකි අතර එවැනි යම් වෙනස්කිරීම් ස්වයංක්‍රීයවම මෙම ගිවිසුමෙහි කොටසක් වශයෙන් පිළිගනු ලබන අතර කෑෂ්වැගන් වෙබ් අඩවියේ එක් වරක් පළකරනු ලැබීමෙන් පසු බලාත්මක වේ. ඔබ විසින් මෙම වැඩසටහන සඳහා සහභාගි වීම සහ වෙබ් අඩවිය භාවිත කරනු ලැබීම එවැනි යම් වෙනස්කිරීමකට යටත් වේ.
  3. ඔබ විසින් වෙබ් අඩවිය සහ මෙම ගිවිසුම කලින් කල යම් වෙනස්කමක් වේ දැයි සමාලෝචනය කළ බැලිය යුතු වන අතර ඔබ විසින් එවැනි යම් වෙනස්කිරීමක් සම්බන්ධයෙන් එකඟ නොවන්නේ නම්: ඔබගේ යම් ලියාපදිංචි කෑෂ්වැගන් ගිණුමක් වේ නම් එය වහාම අවසන් කිරීමට සහ අපගේ මුදල් ණයට දීමේ සේවාව සහ අපගේ වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීම සහ භාවිත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදී නතර කිරීමට කාරුණික වන්න.
  4. ඔබ විසින් ලබාගන්නා ණය සම්බන්ධයෙන් වන වාර්තාවන් (මෙම ගිවිසුම සහ යම් නැවත ආපසු ගෙවීමේ ඉතිහාසයක් වේ නම් එය ද ඇතුලත්ව) කෑෂ්වැගන් විසින් මාස හයක (06) කාලයක් තබාගන්නා අතර, ඔබගේ ලිඛිත අවසරය මත ඔබ සතුව කෑෂ්වැගන් සමඟ ලියාපදිංචි කර ඇති ගිණුමක් වේ නම්: මෙම ණය මුදලේ කාලසීමාව තුළ ඕනෑම අවස්ථාවක දී එය වෙත ප්‍රවේශ වනු ලැබිය හැකිය.

 

බුද්ධිමය දේපල

  1. “කෑෂ්වැගන්” සහ “කෑෂ්වැගන්” ලාංඡනය සහ අනෙකුත් කැෂ්වැගන් ග්‍රැෆික් නිර්මාණ, ලාංඡන, මෝස්තර, ශීර්ෂයන් යතුරු පුවරු සලකුණු, තිරපිටපත්, නම් සහ සංනාමයෙන් යුත් වෙළඳ ලකුණු, සේවා ලකුණු හෝ කැෂ්වැගන් හි වෙළඳ සලකුණු (එක් එක්ව ගත් කළ “කෑෂ්වැගන් හි ලකුණු”). කෑෂ්වැගන් හි ලකුණු යම් වෙළඳ ලකුණක කොටසක් වශයෙන් හෝ ඩොමේන් නාමයක් වශයෙන් හෝ යම් අවුල්සහගත තත්වයක් ඇති කිරීමට හේතු වන යම් නිෂ්පාදනයක හෝ සේවාවකට අන්තර් සම්බන්ධව යනාදිය ඇතුලත්ව නමුදු ඊට සීමා නොවී සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ කෑෂ්වැගන් හි ලිඛිත අවසරය නොමැතිව කොපි කරනු ලැබීම, අනුකරණය කිරීම හෝ භාවිත කිරීම හෝ නොකළ යුතුය.

 

යෝග්‍ය (සුදුසු) ලෙස හැසිරීම

  1. ඔබ විසින් මෙම වෙබ් අඩවිය මගින් අර්පණය කරනු ලබන මුදල් ණයට දීමේ සේවාවන් ඔබගේ පෞද්ගලික හෝ වාණිජ-නොවන කටයුත්තක් සඳහා භාවිත කිරීම කරනු ලැබිය හැකිය. ඔබ විසින් මෙම වෙබ් අඩවිය කෑෂ්වැගන් හි බලයලත් නියෝජිතයෙකුගේ ලිඛිත අවසරය මින් පෙර ලබා ගෙන තිබේ නම් මිස වෙනත් යම් ප්‍රයත්නයන් සඳහා හෝ වාණිජ හෝ වෙනත් යම් ආකාරයකින් හෝ මේ හා අන්තර් සම්බන්ධ කටයුත්තක් සඳහා භාවිත කිරීම හෝ ප්‍රවේශ වීම හෝ නොකළ යුතුය. මෙම වෙබ් අඩවිය ඔබ විසින් භාවිත කිරීම හෝ ඒ සඳහා ප්‍රවේශ වීම කෑෂ්වැගන් හි පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය සහ මෙම වෙබ් අඩවිය සහ අදාල වන නීතිය යටතේ දක්වා තිබෙන අනෙකුත් සියලු කාර්ය පටිපාටින් සහ මාර්ගෝපදේශයන් ද ඇතුලත් වන පරිදි නමුදු ඊට සීමා නොවී මෙම ගිවිසුම සමඟ දැඩිව අනුකූල විය යුතුය.
  2. කෑෂ්වැගන් වෙත යම් නීත්‍යානුකූල නොවන සහ/හෝ අවසරනොලත් ලෙස වෙබ් අඩවි භාවිතය හෝ වෙබ් අඩවිය හරහා ලබා දී තිබෙන සේවාවන් අයුතු ලෙස ප්‍රයෝජන ගැනීම්වලට එරෙහිව විමර්ශණය කිරීමේ සහ සුදුසු නීතිමය පියවර ගැනීමේ (සිවිල්, අපරාධ සහ අනිවාර්ය තහනම් නියෝග ඇතුලත්ව නමුදු ඊට සීමා නොවී) අයිතිය කැෂ්වැගන් සතු වේ.

 

හානි පූර්ණය

  1. ඔබ විසින් ඔබගේ භාවිතා කිරීම හරහා සිදුවන යම් තෙවන පාර්ශවයකගේ මැදහත්වීම හෝ ඒ මත උද්ගත වනු ලබන (සෘජුව හෝ වක්‍රාකාරයෙන්) හෝ ඔබ විසින් මෙම ගිවිසුම උල්ලංඝණය කරනු ලැබීමෙන් උද්ගත වනු ලබන හෝ සිදු කරනු ලබන හෝ දැරීමට සිදුවන සාධරණ නීතිඥ ගාස්තු ද ඇතුලත් වන පරිදී යම් හානියක්, වගකීමක්, වන්දියක් හෝ ඉල්ලීමක් හෝ සම්බන්ධයෙන් කෑෂ්වැගන් වෙත හානිපූර්ණය කළ යුතු වන අතර කැෂ්වැගන් වෙත කිසිදු හානියක් සිදුවීමට ඉඩලබා නොදිය යුතුය.
  2. යම් නීතිමය පියවරක් හෝ නඩුකරයක් තුළින් හෝ යම් විශේෂිත, නිදර්ශනයක් සේ සැලකිය හැකි, දඬුවම් ලැබිය හැකි හෝ ප්‍රතිවිපාක වශයෙන් වන හානි සම්බන්ධයෙන් ඔබට වන්දි ඉල්ලීමක් හෝ ආපසු අයකර ගැනීමක් නීතිය විසින් තහනම් නොකරන ලද හැකිතාක් උපරිමයක් දක්වා ඔබ විසින් අත්හරිනු ලැබිය යුතුය.

  

වගකීම අත්හැර දැමීම: වගකීම සම්බන්ධයෙන් වන සීමා  

  1. මෙම වෙබ් අඩවි තුළ ඇතුලත් වන්නා වූ සියලු තොරතුරු සහ කරුණු කාරණාවන් සකස් කරනු ලැබීමේ දී ගත හැකි සියලු සාධරණ පියවර ගෙන ලැබ ඇති අතර, එවැනි යම් තොරතුරු සහ කරුණු කාරණා “එසේ තිබෙන ආකාරයෙන්ම” යෙදා ගනු ලබන අතර ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශාත්මක හෝ ව්‍යංගයෙන් යුතු වගකීමක් නොවේ.
  2. එවැනි යම් තොරතුරු සහ කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම පරිශීලනය නොකිරීම, ආරක්ෂාව, නිරවද්‍යතාවය යෝග්‍ය වීමේ පරමාර්ථය හෝ පරිගණක වෛරසවලින් තොර වීම යනාදීය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොගැනීම.
  3. මෙම වෙබ් අඩවියේ ඇතුලත් වන සියලු කාරණාවන් සහ තොරතුරු පොදු තොරතුරු පමණක් සපයනු ලබන අතර: යම් ව්‍යාපාරික තීරණයන් ගැනීමේ පදනමක් වශයෙන් භාවිතා නොකළ යුතුය. යම් විශේෂිත වෘත්තීමය උපදෙස්වලින් හෝ වඩාත් යාවත්කාලීන වූ තොරතුරු මාර්ගයෙන් මගින් හෝ වඩාත් මූලික හෝ වඩාත් නිරවද්‍යතාවයෙන් යුතු උපදේශනයක් ලබාගැනීමෙන් තොරව එකී වෙබ් අඩවිය හරහා ලබාදෙන උපදෙස් හෝ තොරතුරු මත පමණක් රඳා පැවතිය යුතු නොවේ. අදාල අවස්ථාවන් හිදී සුදුසු පරිදි එවැනි වෘත්තීමය උපදෙස් ලබාගන්නා ලෙසට ඔබට නිර්දේශ කරනු ලැබේ.
  4. ඔබ විසින් මෙම වෙබ් අඩවිය භාවිත කරනු ලැබීමේ දී සෘජුව හෝ වක්‍රාකාරයෙන් උද්ගත වනු ලබන ඕනෑම යම් හානියක් හෝ පාඩුවක් (විශේෂිත, අවස්ථානුකූල හෝ ප්‍රතිවිපාක වශයෙන් ඇතිවන හානි හෝ පාඩු ද ඇතුලත්ව) සම්බන්ධයෙන් කෑෂ්වැගන් විසින් කිසිදු වගකීමක් පිළිනොගන්නා අතර ඒ සඳහා වගකිව යුතු ද නොවේ. එසේවුවද මෙම වෙබ් අඩවිය හෝ එහි ඇතුලත් දේ හෝ ඒ හා අනුබද්ධිත යම් සේවාවන් සම්බන්ධයෙන් යම් දෝෂයක් වරදක් පරිපූර්ණ නොවීමක් වැරදීමක් අත්වැරදීමක් හෝ සාවද්‍ය කරුණක් යනාදිය ඇතුලත්ව නමුදු ඊට සීමා නොවී උද්ගත වනු ලබන යම් හානියක් පාඩුවක්හෝ වියදමක් සම්බන්ධයෙන් උද්ගත වනු ලබන හෝ මෙම වෙබ් අඩවියේ සිදුවන යම් ප්‍රවේශ වීමට නොහැකි වීමක් හෝ එවැනි යම් අන්තර්ගතයක් හෝ ඒ හා සම්බන්ධිත සේවාවක් සම්බන්ධයෙන් හෝ වගකීමට නොබැඳේ.

 

කාලසීමාව: අවසන් කිරීම  

  1. ඔබ විසින් මෙම වෙබ් අඩවිය භාවිත කරනු ලබන හෝ ප්‍රවේශ වනු ලබන තෙක්මෙම ගිවිසුම පූර්ණ බලයෙන් බලාත්මක වන අතර මීට පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද, ඔබගේ ණය ගිවිසුම සහ ලියාපදිංචි ගිණුම අවසන් වනු ලැබු පසුද මෙම ගිවිසුම බලාත්මක වේ.
  2. කාලයෙන් කාලයට කෑෂ්වැගන් විසින් අතිරේක විශේෂාංගයන් මෙයට එක් කරනු ලැබිය හැකිය. කෑෂ්වැගන් විසින් අවශ්‍ය ඕනෑම වේලාවක දී මෙම විශේෂාංගයන් ස්වකීය අභිමතය පරිදි ඇතුලත් කිරීම හෝ නතර කරනු ලැබීම සම්බන්ධයෙන් වන අයිතිය තමා වෙත රඳවා තබාගෙන ඇත. ඔබ විසින් මේ සඳහා සහභාගීවීමට වෙබ් අඩවිය භාවිත කිරීමට හෝ යම් හෝ කෑෂ්වැගන් සේවාවක වාසිය ලබාගැනීමට සුදුසුකම් ලබාතිබේ ද නැද්ද යන්න තීරණය කිරීම කෑෂ්වැගන් හි ස්වකීය නිත්‍ය (නිරපේක්ෂ) අභිමතය පරිදි සිදුකරනු ලබයි.
  3. කෑෂ්වැගන් විසින් ඔබ විසින් කෑෂ්වැගන් වෙත ලබා දී තිබෙන විද්‍යුත් තැපෑල වෙත සම්ප්‍රේෂණය කිරීමේ නිවේදනයක් බලාත්මක කිරීම මත ඕනෑම අවස්ථාවක දී සහ ඕනෑම හේතුවක් මත ඔබගේ ලියාපදිංචි ගිණුම අවසන් කරනු ලැබිය හැකිය. එසේ එවැනි කෑෂ්වැගන් විසින් ආරම්භ කරනුලබන අවසන් වීමක දී ඔබ විසින් කෑෂ්වැගන් වෙතින් ලබාගෙන ඇති ණය මුදල එසේ ගිණුම අවසන් කිරීමෙන් දින දහයක් (10) ක් ඇතුලත සම්පූර්ණයෙන් ආපසු ගෙවනු ලැබිය යුතුය. කෑෂ්වැගන් විසින් ඔබගේ ණය ගිවිසුම හෝ ලියාපදිංචි ගිණුම අවසන් කරනු ලැබූ අවස්ථාවක දී, ඔබ විසින් අදාල වෙබ් අඩවියට ප්‍රවේශ වීම හෝ භාවිත කිරීම හෝ තව වැඩිමනත් ණය සඳහා අයදුම් කිරීම හෝ නොකරන බවට එකඟ වේ.

 

පාලනය කරනු ලබන නීතිය

  1. මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය වේ.

 

සම්පූර්ණ ගිවිසුම: වෙන් වෙන් වශයෙන් දැක්වීම: පැවරීම

  1. මෙම ගිවිසුම ඔබගේ මෙම වෙබ් අඩවි ප්‍රවේශය සහ භාවිතය සහ වැඩිමනත් මෙම ණය ගිවිසුම යටතේ ණයගැතියෙකු වීම තුළින් සහතික කරනු ලැබීමත් සමගින් පිළිගනු ලබන අතර ඔබ සහ කෑෂ්වැගන් අතර මෙම වෙබ් අඩවිය භාවිත කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ ගිවිසුම ඇතුලත් වේ.
  2. ඔබගේ වෙනම ලිඛිත ණය ගිවිසුම සහ මෙම භාවිත කිරීමේ ගිවිසුමෙහි නියමයන් අතර යම් නොසංසිදෙන ආකාරයේ යම් ගැටලුවක් (පරස්පර විරෝධිතාවයක්) ඇතිවන අවස්ථාවක දී: එම ගැටලුව ඔබගේ ණය ගිවිසුමෙහි ඇතුලත් විධිවිධානයන්ට යටත්ව විසඳිය යුතුය. මෙම ගිවිසුම වාචිකව සංශෝධනය කළ නොහැක. මෙම ගිවිසුමෙහි දක්වනු ලබන යම් විධිවිධානයක් (ප්‍රතිපාදනයක්) අවලංගු වනු ලැබී නම්, මෙම ගිවිසුමෙහි ඉතිරි ප්‍රතිපාදනයන් පූර්ණ බලයෙන් සහ බලාත්මකභාවයෙන් යුතුව අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
  3. මෙම ගිවිසුම පාර්ශවයන්ට සහ ඔවුන්ගේ අදාල අනුප්‍රාප්තිකයන් සහ අවසරලත් ලැබුම්කරුවන් එරෙහිව බලාත්මක කළ හැකි ප්‍රතිලාභ ලබාගැනීම සඳහා බැඳීමට ලක් වේ. කෑෂ්වැගන් වෙත එහි යම් හෝ සියලු අයිතිවාසිකම් මෙම ගිවිසුම යටතේ වන සියලු වගකීම් පවරනු ලැබීමට පවරා දෙනු ලැබීමට හෝ අන් අයුරකින් පවරනු ලැබීමට අයිතිය ඇත. පාර්ශවයන් අතර ඇති හැසිරීම හෝ වෙළඳ භාවිතය හෝ මෙම ගිවිසුමෙහි යම් හෝ විධිවිධානයක් වෙනස්කරනු ලැබීමේ දී යොදා නොගත යුතුය. මෙහි ප්‍රකාශිතව දක්වා නොමැති සියලු අයිතිවාසිකම් මෙහි මින්මතු වෙන් කර තබා ඇත. ශිර්ෂයන් පරිශීලනය කිරීමේ පරමාර්ථය සඳහා පමණක් වන අතර එමගින් විෂය පථය හෝ එවැනි යම් වගන්තිය ප්‍රමාණය අර්ථ නිරූපණය කිරස්මට, සීමා කිරීමට විභාග කිරීමට හෝ විස්තර කිරීමට අදාල නොවේ.
  4. මෙම ගිවිසුමේ සිංහල හා ඉංග්‍රිසි භාෂා පාඪ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට ඉංග්‍රිසි භාෂා පාඨය බලපැවැත්විය යුතුය.

 

මෙම ගිවිසුම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් ඇත්නම් හෝ මෙම ගිවිසුමෙහි ලිඛිත පිටපතක් ලබාගැනීමට අවශහ් නම් හෝ අපව සම්බන්ධ කරගැනීමට කාරුණික වන්න.