සේවාවන්

Cashwagon යනු මොකක්ද?

Cashwagon යනු ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමකි. අප ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහා ණය ලබාදීමේ සේවාව හදුන්වා දුන්නෙමු. ඔබගේ එදිනෙදා මූල්‍ය අවශතාවයන් සඳහා වන මුදල් ණය අප විසින් ක්ෂණිකව (පැය 24ක් තුල) ලබා දෙනු ලැබේ. අප නවීන තාක්ෂණය යොදාගනිමින් ඔබ වෙත ගෙන එන සේවාවන්, ඔබගේ වෙනස්වන මූලය අවශතාවයන් ඉටුකරවා ගැනීමට මහත් රුකුලක් වනු ඇති අතරම ඔබට වඩාත් ආචාරශීලී සහ පාරදෘශ්‍ය සේවාවක් ද සපයනු ඇත. කිසිදු ඇපයකින් තොරව ඔබගේ එදිනෙදා අවශ්‍යතාවයන් සදහා අපි මුල්‍ය පහසුකම් සැපයීමට බලාපොරොත්තු වෙමු. කෙටිම සැකසුම් කාලය සමග පහසු අනුමත කිරීමේ පටිපාටිය, ණය මුදල අයදුම් කිරීම සරල සහ වේගවත් කරනු ඇත.

Cashwagon පාරිභෝගික ණය සේවාව නවීන ප්‍රවේශයකින් ඔබට සේවය සපයන අතර ඔබේ විවිධ අවශතා අනුව අනුවර්තනය වීමට අප ඉඩ සලසා දෙයි.

ඔබ ලබාගත් ණය සඳහා නැවත ගෙවිය යුතු මුදල අපගේ ණය කැල්කියුලේටරය මගින් බලා ගත හැක.

ලබා ගන්නා ණය මුදල සහ ඔබට එය නැවත පියවිය හැකි කාලය අනුව සේවා ගාස්තුවක් සහ වෘතිය ගාස්තුවක් (consulting fee) අය වේ.

ඔබ ණයක් ලබා ගන්නා අවස්ථාවේදී එහි නැවත පියවිය යුතු මුදල පිලිබඳ අවධානය යොමු කරන්න. ලබාගන්නා මුදල නියමිත කාලය තුලදී ගෙවා නිම කිරීමට හැකියාවක් ඇත්නම් පමණක් ඒ සඳහා අයදුම් කිරීමට යොමු වන්න.

ණය මුදල පිළිබදව

  1. අවුරුදු 20 සිට 60 දක්වා අතර සහ
  2. දැනට රැකියාවක නියුතු වන හා ශ්‍රී ලංකාව තුල වලංගු ලියාපදිංචි ලිපිනයක් ඇති පාරිභෝගිකයන් වෙත මෙම ණය සේවාව සදහා අයදුම් කල හැක .

සේවාව සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන්නේ පහත දැක්වන දෑ පමණි:

  1. ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය
  2. ඔබගේ බැංකු ගිණුම් අංකය

ඔබේ ණය අනුමත වූ පසු, ඊළඟ පියවර ලෙස අප ඔබට කෙටි පණිවිඩයකින් හෝ ඊ-මේල් පණිවිඩයකින් දැනුම් දෙනු ඇත. ඔබගේ ණය මුදල පැය 24ක් ඇතුලත ඔබගේ ගිණුමට බැර කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වලංගු ලිපිනයක් හිමි සහ රැකියාවක නියෙතු අයෙකුට අපගේ සේවාව ලබා ගත හැක.*

අපි ඔබට නිරන්තරයෙන් උපකාර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. අපගේ පරිභොහික සේවා අංශය පහත පරිදි සම්බන්ද වන්න:

  1. විද්‍යුත් පනිවුඩ:  info@cashwagon.lk
  2. වෙබ්අඩවිය :  www.cashwagon.lk
  3. දුරකථන අංක: (+94) 11 74 63 100

මුදල් ලැබෙන ආකාරය ගැන

ඔබේ මුදල් අනුමත වූ පසු පැය 24 ක් තුළ අපි ඔබේ මුදල් නිදහස් කිරීමට සහ ඔබේ බැංකු ගිණුම වෙත මාරු කරනු ඇත. මුදල් ඔබගේ බැංකුව වෙත යොමු කිරීම සම්බන්දව SMS පණිවුඩයක් මගින් ඔබව දැනුවත් කරනු ඇත.

ඔබගේ අනුමත ණය පිළිබඳ පැහැදිලි කිරීමක් සඳහා අපගේ පාරිභෝගික සේවාව සමගින් සම්බන්ද වන්න.

  1. විද්‍යුත් පනිවුඩ:  info@cashwagon.lk
  2. වෙබ්අඩවිය :  www.cashwagon.lk
  3. දුරකථන අංක: (+94) 11 74 63 100

ණය ආපසු ගෙවීමේ ගැන

අපි ඔබගේ ණය මුදලේ කල් පිරෙන දිනය පිළිබඳ සියලු විස්තර ණය ගිවිසුම් පත්‍රිකාවේ ද සදහන් කර ඇත. නියමිත දිනට හෝ ඊට පෙර ගෙවීම මගින් ප්‍රමාද ගාස්තු ගෙවීමෙන් වැලකි සිටිය හැකිය.

බැංකු ගිණුමට බැර කිරීම හරහා

  • බැංකු slip හුවමාරු ක්‍රමය හරහා
  • අන්තර්ජාල බැංකු හුවමාරුව මගින්

ඔව්, කලින් ගෙවීම කිසිදු දඬුවම් ගාස්තු නොමැතිව කල හැකි ය.

ඔව්. ඔබගේ ගෙවීම ප්‍රමාද වන සෑම දින 3ක්, 11ක්, 21ක් සහ 31ක් යන කාල පරාසයන් හට අවම වශයෙන් රුපියල් 1000/- බැගින් හෝ මූලික (ප්‍රාග්ධන/capital) මුදලෙන් 10% ක මුදලක් හෝ දඩ මුදල් වශයෙන් අයවේ.

වෙනත් තොරතුරු

ඔබ දැනට Cashwagon වෙතින් ගෙන ඇති ණය මුදල සම්පුර්නයෙන්ම ගෙවා පැය දෙකක් තුල ඔබට නැවත වතාවක් අයදුම්කර පෙරට වඩා වැඩි ණය මුදල් ප්‍රමාණයක්* ලබාගැනීමට පුළුවන්. පහත කරුණු අනුගමනය කර ඔබගේ ණය මුදල වඩාත් ඉක්මනින් අනුමත කරගන්න:

  • මුදල් ගෙවා පැය දෙකක් තුල අපගෙන් ලැබෙන SMS පණිවුඩය තෙක් රැදී සිටින්න. එයට ප්‍රථම අයදුම්කිරීමෙන් වලකින්න.
  • SMS පණිවුඩය ලැබූ පසු කලින් ආකාරයටම අපගේ වෙබ් අඩවිය (www.cashwagon.lk) ඔස්සේ නැවත නව අයදුම්පතක් යොමු කරන්න.
  • යම් හෙයකින් SMS පණිවුඩය නොලැබුණේ නම්, අපගේ Facebook පිටුවට පණිවිඩයක් එවීම හරහා අප සමග සම්බන්ද වන්න. නැවත වර අයදුම් කරනා ඔබගේ අයදුම්පත් වඩාත් වේගවත්ව අනුමත වනු ඇත. (*කොන්දේසි සහිතයි)